'Fintrex Finance PLC' හි හිමිකාරීත්වය Bluestone 1 (Pvt) Limited සමාගම සතු වන අතර අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන සභාපති අජිත් ගුණවර්ධන මහතා ද, රොනී පීරිස් මහතා සහ ශන්තනු නග්පාල් මහතා නියෝජනය කරයි. මෙකී කර්මාන්ත ප්‍රවීණයෝ තම පුළුල් අත්දැකීම් සමුදාය පෙරදැරිව Fintrexහි උපායමාර්ගික දැක්මට හා වර්ධනයට මඟ පෙන්වයි.
මීට ඉහතදී Melsta Regal Finance Ltd ලෙස හැඳින්වූ Fintrex, Melstacorp PLC පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධිත ආයතනයකි. කීර්තිමත් ශ්‍රී ලාංකික සමූහ ව්‍යාපාරයක සිට විශ්වාසදායක බහුජාතික සමාගමක් වන Bluestone 1 පෞද්ගලික සමාගම වෙත හිමිකාරිත්වය මාරුවීම, Fintrexහි ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව සවිමත් කර ඇති අතර, එමඟින් ආයතනයේ දිගුකාලීන අරමුණු වෙත හඹා යාමට අවැසි බලය ලබා දී ඇත.
"Fintrex" යන වෙළඳ නාමය 'මූල්‍ය ව්‍යවසායකයින්' සහ 'විශේෂඥයින්' යන වචනවලින් ව්‍යුත්පන්න වී ඇති අතර, එමඟින් ආයතනය තම නවෝත්පාදනයේ සහ විශේෂඥතාවයේ ශක්තිමත් සහජීවනය අවධාරණය කරමින් ආයතනයේ තරඟකරුවන්ගෙන් වෙන්කර හඳුනා ගනී. නව සන්නාම අනන්‍යතාවය Fintrexහි විභවය උපරිම කිරීමටත් එහි ගනුදෙනුකරුවන් සඳහා වන වටිනාකම විෂද කිරීමටත් කටයුතු කරයි. එය වේගයෙන් දියුණු වන වෙළඳපොළ තුළ ආයතනයේ ක්‍රියාව, වේගය සහ සීඝ්‍රතාව සඳහා පැහැදිලි නැඹුරුවක් ඇති බව පෙන්නුම් කරයි.
Fintrex හි නායකත්වය කර්මාන්තය පුරා හොඳම පිළිවෙත් අනුගමනය කිරීමට ප්‍රමුඛත්වය දෙන අතර සේවක සංවර්ධනය කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කරයි. පුළුල් පුහුණුව හා කුසලතා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් හරහා, Fintrex ආයතනය තම කණ්ඩායම වේගයෙන් වෙනස්වන ඉහළ තරඟකාරී පරිසරයක් තුළ, විශිෂ්ටත්වයට පත්වීමට අවැසි තාක්ෂණික දැනුම සහ නිපුණතාවලින් සන්නද්ධ කරයි.
Fintrex හි අනාගත උපායමාර්ගික සැලසුම වන්නේ ආයතනයේ මෙහෙයුම් කාර්‍යක්ෂමතාව වැඩි දියුණු කිරීමටත්, නවීන සේවාදායකයින්ගේ අපේක්ෂාවන් හා නව ගණුදෙණු ප්‍රවණතා සමඟ සමපාත වීම සඳහාත් අති නවීන තාක්‍ෂණය භාවිතයට ගැනීම කෙරෙහි කේන්ද්‍රගත වී තිබේ.
සමාගමේ නම | ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් පී එල් සී |
---|---|
නීතිමය තත්ත්වය | 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ පොදු සීමිත වගකීම් සමාගමක් ලෙස සංස්ථාගත කර ඇත. 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත සහ 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත යටතේ ලියාපදිංචි කර ඇත. 2025 මාර්තු 11 වන දින කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කරන ලද අතර එහි නීතිමය තත්ත්වය පොදු සීමිත සමාගමක් ලෙස වෙනස් කරන ලදී. |
ව්‍යාපාර ලියාපදිංචි අංකය | PQ 00325810 (පෙර ව්‍යාපාර ලියාපදිංචි අංකය PB 878) |
සංස්ථාගත කළ දිනය | 2007 මාර්තු 29 |
නම වෙනස් කළ දිනය | 202 මාර්තු 26 වන දින සමාගමේ නීතිමය තත්ත්වය “පොදු සීමිත සමාගම (පී එල් සී )” ලෙස වෙනස් කර ඇත. |
ලියාපදිංචි ලිපිනය | නො. 851, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා මාවත (බේස්ලයින් පාර), කොළඹ 14. |
භාහිර විගණකවරුන් | Ernst and Young වරලත් ගණකාධිකාරීවරු, රොටුන්ඩා ටවර්ස්, අංක 109, ගාලු පාර, තැ.පෙ. 101. කොළඹ 03 |
නීති උපදේශකයින් |
ශිරන්ති ගුණවර්ධන ඇසෝසියේට්ස්.
පෝල් රත්නායක ඇසෝසියේට්ස්. අංක 59, |
ලේකම්වරු |
අරුණි ගුණවර්ධන මහත්මිය නො. 851, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා මාවත (බේස්ලයින් පාර), කොළඹ 14. |
අප සමඟ සම්බන්ධ වන සෑම කෙනෙකුටම වටිනාකමක් නිර්මාණය කිරීමෙන් ඉහළම මූල්‍ය විසඳුම් සපයන්නන් 5 දෙනා අතරට පැමිණීම
වටිනාකම් නිර්මාණය කිරීම:
Great Place to Work Certified
2025 – 2026
(FOURTH CONSECUTIVE YEAR)
TAGS AWARDS 2024
THE INSTITUTE OF CHARTERED ACCOUNTANTS OF SRI LANKA
(Third consecutive year)
Great Place to Work Certified
2024 – 2025
(Third consecutive year)
MOST RESPECTED ENTITIES IN SRI LANKA 2023
TAGS AWARDS 2023
THE INSTITUTE OF CHARTERED ACCOUNTANTS OF SRI LANKA
(Second consecutive year)
Great Place to Work Certified
2022 – 2023
(second consecutive year)
Most Respected Entities In Sri Lanka 2022
Fastest growing finance company in Sri Lanka 2021
Great Place to Work Certified
2021 – 2022